(චන්දන ප්‍රනාන්දු සහ ජේ.කේ.එල්.චාමින්ද)
වෙසක් පෝය දිනයේ මත්පැන් අලෙවිය තහනම් කර තිබියදී වැඩිමිලට රජයේ මත්පැන් අලෙවි කළ ස්ථාන 5 ක් වටලා මත්පැන් බෝතල් 59 ක්, බියර් කෑන් 36 ක් සමඟ සමග පුද්ගලයන් 5 දෙනෙකු දන්කොටුවෙන් පුද්ගලයන් දෙදෙනකු ඉමදූවෙන්ද සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ කටුකෙන්ද දන්කොටුව නගරය හා වලවුවත්තේ පදිංචි පුද්ගලයන් පිරිසකි.
කටුකෙන්ද ප්‍රදේශයේදි මත්පැන් බෝතල් 20 ක්ද, දන්කොටුව නගරය ආසන්නයේ තිබූ නිවෙස් දෙකකින් මත්පැන් බෝතල් 27ක්ද, වලව්වත්තේ නිවසින් මත්පැන් බෝතල් 10 ක් සහ බියර් කෑන් 24 ක්ද, ඔහුගේ පුතෙකු වන 24 හැවිරිදි අයෙකුගේ නිවසේ අලෙවි කරමින් තිබූ මත්පැන් බෝතල් 2 ක් හා බියර් කෑන් 12 ක්ද සොයාගත් බව පොලිසිය කීය.
මත් පැන් බෝතල් අලෙවි කිරීමේදි වෙළඳපොළ වටිනාකමට වඩා මත්පැන් බෝතලයක් රුපියල් 500 ත් 800 ත් මිලක් තබාගෙන අලෙවි කළ බවත් බියර් කෑන් එකක් නියමිත මිල මෙන් දෙගුණයක් තබාගෙන අලෙවි කර ඇති බවත් තොරතුරු හෙළි වු බව දන්කොටුව පොලිසිය කීය.
සැකකරුවන්ව හා මත්පැන් මාරවිල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ඉමදූවේදී අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා සතුව අරක්කු බෝතල් 10ක්ද පොලිස් භාරයට ගෙන ඇත.
එම සැකකරුවන් දෙදෙනා පොලිස් ඇපමත මුදාහැර ඇති අතර 21 වැනිදින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 04
456
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
461
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
414
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පෝදා මත්පැන් අලෙවි කළ පුද්ගලයන් 7ක් අත්අඩංගුවට