(ක.ග.කරුණාරත්න)
පොළොන්නරුව තෝපාවැව මෛත‍්‍රීපාල සිරිසේන ජාතික පාසලේ ප‍්‍රධාන දොරටු ඉදිරිපිටදී මාපියෝ පිරිසක් අද (13) උද්ඝෝෂණයෙක නිරත වූහ.
පසුගිය වසරේ (2019) එම පාසලේ ඉගෙනුම ලැබූ සිසු සිසුවියන් 300 දෙනෙකු පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත්ව එම විද්‍යාලයට ඇතුළත් කර ගැනීමට නියමිතව සිටියදී ප‍්‍රදේශයේ වෙනත් පාසලක අඩු ලකුණු මට්ටමක සිටින ළමුන් 43 දෙනෙකු 6 ශ්‍රේණියට ඇතුළත් කර ගැනීමට සූදානමක් පවතින හෙයින් එයට විරෝධය පා ඔවුහු උද්ඝෝෂණය කළහ.
එම ළමුන් පාසලට ඇතුළත් කර ගතහොත් තම දරුවන්ට බලවත් අසාධාරණයක් සිදුවන බව විරෝධතාවට එක්ව සිටි දෙමව්පියෝ පැවසුහ.
උද්ඝෝෂණය සඳහා දරුවන්ගේ මව්පියවරු 300ක් පමණ එක්ව සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නම පාසලකටත් දාගත්තා එහෙනම්...!!!!
එකනේ, ඔය නම පොඩි දරුවන්ට පොතක ලියන්නත් අමාරුයිනේ. කොම්බු ගොඩක්නේ. නරකද නම වෙනස්කරොත් .......