(ඩබ් ඒ පියතිලක)
පොළොන්නරු දිස්ත්‍රික්කයේ රෝහල්වල වෛද්‍යවරු අද (13) පොලොන්නරුව මහ රෝහල ඉදිරිපිට දී උද්ඝෝෂණයක නිරත වූහ.
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුකර ඇතැයි කියන අක්‍රමිකතාවයන්ට සහ ඉල්ලීම් 10 ක් මුල් කරගනිමින් වඳ සැත්කම් සිද්ධිය සම්බන්ධයෙන් ද රජය සාධාරණ පරීක්ෂණයක් සිදු නොකිරීමට විරෝධය පළ කරමින් වෛද්‍යවරු මෙලෙස විරෝධතාවයේ නිරත වූහ.
විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් ඉතා සාමකාමී ලෙස රෝහල ඉදිරිපිට පැයකට ආසන්න කාලයක් පැවැති මෙම උද්ඝෝෂණයට පොළොන්නරු දිස්ත්‍රික්කයේ සියලු රෝහල්වල වෛද්‍යවරුන් නියෝජනය කරමින් විශාල පිරිසක් එක්ව සිටියහ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පොළොන්නරු දිස්ත්‍රික් ශාඛාව විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි.

(ඡායාරූප - ඩබ් ඒ පියතිලක)



(ඡායාරූප - කරුණාරත්න ගමගේ)

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.