(ක.ග.කරුණාරත්න )
පොළොන්නරුව දිස්ත‍්‍රික්කය තුල වෙසෙන ගැබිනි මව්වරුන් සහ දරුවන් සම්බන්‍ධයෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියන්ගේ ක්‍ෂත‍්‍ර රාජකාරී සිරිත් පරිදි අඛණ්ඩව සිදු කෙරෙන බව පොළොන්නරුව ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ, වෛද්‍ය සරත් ජයසිංහ මහතා අද(29) පැවැසීය.
නව කොරෝනා වයිරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා රජය මගින් ඇඳිරි නීතිය පනවා තිබෙන කාලසීමාවේ සහ ඉන් බැහැරව ගැබිණි මව්වරුන් සහ දරුවන් සඳහා සෞඛ්‍ය සේවාවන් සැපයීම ගෙන් ගෙට ගොස් සිදු කරන ලෙස අදාල නිලධාරීන්ට උපදෙස් දී තිබෙන බවද ඒ මහතා කීය.
ඒ අනුව පොලොන්නරුව දිස්ත‍්‍රික්කයට අයත් තමන්කඩුව,වැලිකන්ද,දිඹුලාගල,අරලගංවිල,මැදිරිගිරිය,හිඟුරක්ගොඩ,ලංකාපුර සහ බකමූණ යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 08 තුලම එම වැඩ පිළිවෙල ක‍්‍රියාත්මක යැයිද වෛද්‍ය ජයසිංහ මහතා වැඩිදුරටත් පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd