(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
මාළිගාවත්ත බාරොන් ජයතිලක විදුහල අසළ රාජකාරියේ නියුතුවෙමින් සිටි පොලිස් සැරයන්වරයකුගේ අත කපා බරපතල තුවාල සිදුකර පලායාමට උත්සාහ කළ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මාළිගාවත්ත පොලිසිය කියයි.
 
සිද්ධියෙන් බරපතල තුවාල ලැබුවේ මරදාන පොලිසියට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකි.
 
ප්‍රදීපා මාවතේ සිට බාරොන් ජයතිලක මාවත දෙසට පැමිණෙමින් සිටි සැකකටයුතු පුද්ගලයකු නවතා ඔහුගෙන් හැඳුනුම්පත ඉල්ලා සිටියදී සැකකරු කුඩා තලයකින් (බ්ලේඩ්) සැරයන්වරයාගේ දකුණු අතෙහි වැලමිට සහ මැණික් කටුව අතර තැන් සතරක් කපා පලායාමට තැත් කළ බව පොලිසිය කියයි.
 
ප්‍රදේශවාසීන්ගේ සහය මත ඔහු අල්ලාගත් බව පොලිසිය පවසයි.