IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පොලිස් වෙඩි පහරකින් මියගිය තරුණයාගේ මරණය ගැන පරීක්ෂණයක් ඉල්ලා විරෝධතාවයක

(ඔගස්ටින් ප්‍රනාන්දු)

මාරවිල නගරයේ දී පොලිස් වෙඩි පහරකින් මියගිය තරුණයාගේ මරණය සැලසුම් සහගත ලෙස පොලිසිය විසින් සිදුකර ඇතැයි කියමින් හලාවත මුගුණුවටන ප්‍රදේශයේ පිරිසක් අද (8) විරෝධතාවක නිරත වූහ.

මෙසේ මිය ගොස් තිබුණේ මුගුණුවටවන කොහොඹවත්තේ පදිංචිව සිටි ඇම්.ඒ අජිත් ප්‍රසන්න නැමැති 31 හැවිරිදි තරුණයෙකි.

මාරවිල නගරයේදී පසුගිය 5 වන දින රාත්‍රී පොලිස් වෙඩි පහරකින් බරපතල තුවාල ලබා මාරාවිල මූලික රෝහලට ඇතුළත් කර සිටියදී මෙම තරුණයා මියගොස් ඇති බව පොලිසිය ප්‍රකාශ කර තිබුණි.

මිය ගිය තරුණයාගේ සිරුර සම්බන්ධයෙන් අවසන් කටයුතු අද (8) මුගුණුවටවන පොදු සුසාන භූමියේ දී සිදු කෙ‍රුණි.

තරුණයාගේ දේහය සුසාන භූමිය කරා රැගෙන එන අවස්ථාවේදී පිරිසක් මෙම මරණය සැලසුම් සහගත ලෙස සිදුකළ මනුෂ්‍ය ඝාතනයක් බව කියමින් මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් පොලිසි‍යට විරෝධය පලකර විරෝධතාවක නිරත වූහ.

මෙම මෘත ශරීරය සම්බන්ධයෙන් අවසන් කටයුතු සිදුකරන අවස්ථාවේ දී කිසිඳු අකාරයක විරෝධතාවක් නොපවත්වන ලෙසට හලාවත පොලිසියේ ඉල්ලීම මත හලාවත මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් ද නිකුත් කර තිබුණි.

 



අදහස් (1)

පොලිස් වෙඩි පහරකින් මියගිය තරුණයාගේ මරණය ගැන පරීක්ෂණයක් ඉල්ලා විරෝධතාවයක

samurai Wednesday, 08 May 2019 02:32 PM

අවම බලය යොදල අහසට වෙඩි තියපු වෙලේ මේ තරුණය පියඹා පියඹා ඉන්න ඇති

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 60 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site