
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක නිලධාරීන්ට පිහියකින් ඇන පලායාමට තැත් කළ පුද්ගලයෙකු අද(20) අටුලුගමදී අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
බණ්ඩාරගම පොලිස් නිලධාරීන්ට පහර දුන් පුද්ගලයන් පිරිසට උපකාර කළැයි කියන එම සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහු පිහියෙන් ඇන මෙසේ පලායාමට තැත් කර තිබිණි.
එම සැකකරු සමඟ උල් පිහියක් හා කඩුවක් පොලිස් බාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයා 'ගොටුකොළ රිෆායි' නමැති සැකකරු ඇතුළු සමීප ඥාතීන් සමඟ සමග වැඩි වාර ගණනක් දුරකතන සබඳතා පවත්වා තිබූ බව අනාවරණ වූ බවද පොලිස් නිලධාරියෙක් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd