IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


පොතුවිල යතුරු පැදි අනතුරකින් අයෙක් මරුට

(නවරත්න සමරතුංග)

පොතුවිල සියඹලාණ්ඩුව ප‍්‍රධාන මාර්ගයේ 312 කිලෝමීටර් කණුව අසලදී අද (13) සවස යතුරු පැදියක් අනතුරට පත්වීමෙන් එහි ගමන්කළ අයෙකු මියගොස් ඇති අතර පැදිකරු බරපතල තුවාල ලබා පොතුවිල රෝහලේ  දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව පොතුවිල පොලිසිය පවසයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ මොහොමදු හුසේන් හකීම් නැමති බදුලුපිටිය බදුල්ල ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

බරපතල තුවාල ලබා රෝහල් ගත කරනු ලැබුවේ නසීම් රිස්වාන් නැමති ක‍්‍රිෂ්ටල් පාර සින්න උල්ල ප්‍රදේශයේ අයෙකි.

මොවුන් දෙදෙනා ලාහුගල දෙසින් පොතුවිල දෙසට ගමන් කරන විට  කිලෝමීටර් 312 කණුව අසල වංගුවේදී යතුරු පැදිය පාලනය කර ගැනීමට නොහැකිව පාරෙන් ඉවතට පැන ආරක්ෂිත ගලක හැපී ඇති බව මූලික පරීක්ෂණ වලින් අනාවණය වී ඇත.

එහිදි පැදිකරුවන් මීටර් 50 ක් පමණ ඈතට විසිවී ඇති බව කියති.

දේහය පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා පොතුවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.



අදහස් (0)

පොතුවිල යතුරු පැදි අනතුරකින් අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site