IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පෙම් හබයක් දුරදිග ගොස් මිතුරාගේ ගෙල කපයි

 

(අමදෝරු අමරජීව)
 
සිය පෙම්වතිය සමඟ පෙම් සබඳතාවක්  ගොඩනගාගැනීමට උත්සහ කළ තම මිතුරාගේ ගෙල කපා ඝාතනය කළ පුද්ගලයෙකු අද  (16)  පියා සමඟ ත්‍රිකුණාමලය වරාය පොලිසියට පැමිණ භාර වූ බව  පොලිසිය කියයි.
 
සැකකරු මිතුරා රවටා යතුරු පැදියක නංවාගෙන ගොස් නාවික කඳවුර ආසන්නයේදී ඝාතනය කළ බවත් වරාය පොලිසිය කියයි.
 
 එම අවස්ථාවේ යතුරු පැදිය පදවා ඇත්තේ සැකකරුගේ මිතුරා බවද යතුරු පැදිය පෙරළී ගොස් ඇති බවත් තුවාල ලැබූ තැනැත්තා අසල ඇති නාවික කඳවුරට දිව ගිය බවත් ඝාතකයා යතුරු පැදියෙන්  පලාගොස් සිය දෙමව්පියන්ට මේ බව සැලකර ඇති බවත් පසුව සැකකරු ඔහුගේ පියා විසින් වරාය පොලිසියට රැගෙනවිත් භාර දී ඇති බවත්  පොලිසිය කියයි.
 
මියගොස් ඇත්තේ ත්‍රිකුණාමය උසාවිය පාරේ පදිංචි තංගතුරෙයි දනුෂ්ටන් නැමැති 20 හැවිරිදි තරුණයෙකි.  
 
වරාය පොලිසියේ රාජකාරියේ නිරත භට පිරිස් තුවාලකරුව ත්‍රිකුණාමලය රෝහලට රැගෙන ගොස් ඇතුළත් කරනවිටත් ඔහු මිය ගොස් තිබුණි.
 
සිද්ධිය සම්බන්ධයෙන් වරාය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

 



අදහස් (0)

පෙම් හබයක් දුරදිග ගොස් මිතුරාගේ ගෙල කපයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 71 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 350 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site