ත්‍රිකුණාමලය, සූදිකුඩා ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය යොදා ඇල්ලූ මසුන් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.

සැකකරු සතුව තිබී පුපුරණ ද්‍රව්‍ය යොදා ඩයිනමයිට් ඇල්ලූ මසුන් කිලෝග්‍රෑම් 551 ක් ද හමුදාව බාරයට ගෙන ඇත.

මෙම මසුන් තොගය කැබ් රථයකට පැටවීමේදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු මූතූර් ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකු බව හඳුනාගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයා, මසුන් තොගය සහ කැබ් රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා මූතූර්, ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

(ඡායාරූප - නාවික හමුදා මාධ්‍ය අංශය)