(ලලිත් නවරත්න)
 
බංගදෙනිය වෙහෙරකැළේ ප‍්‍රදේශයේදී පුද්ගලයෙකු කපාකොටා මරාදැමූ සිද්ධියක්  සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි ප‍්‍රධාන සැකකරු වැලිවේරිය ප‍්‍රදේශයේ සැඟව සිටියදී  අත්අඩංගුවට ගත්බව හලාවත පොලීසිය පවසයි.
 
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ බංගදෙනිය වෙහෙරකැළේ පදිංචි කනිෂ්ක ආරියරත්න නැමති 22 හැවිරිදි අවිවාහක තරුණයෙකි.
 
මෙසේ කපාකොටා ඝාතනයක් කළ බවට සැකපිට අත්අඩංගුවටපත් පුද්ගලයාගේ පියා සහ වැඩිමහල් සොහොයුරා මේවන විට රක්ෂිතව බන්ධනාගාර ගත කර  ඇති අතර මෙම ඝාතනය  සම්බන්ධයෙන් නඩුව හලාවත මහා අධිකරණයේ විභාගවෙමින් ඇත.

සැකකරු අද අධිකරණයට ඉදිරිපත්  කිරීමට නියමිතය.