IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


පුද්ගල ඝාතනයකට වසර 22 කට පසු මරණ දඬුවම්

 (දිලීප් ජයසේකර)

අසභ්‍ය වචනයෙන් බැන වැදුණායැයි  කිමයින් මහ මග රැක සිට වසර 22කට පෙර පුද්ගලයෙකු ඝාතනය කළ  සැකකරුවෙකුට හම්බන්තොට මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා අද (29) මරණ දඩුවම නියම කළේය.

මෙලෙස මරණ දඩුවම නියම කෙරුණේ පන්නෙගමුව තිස්සමහාරාම පදිංචි බදනගේ විමලසිරි නැමති තිදෙරු පියෙකුටය.

1997.07.05 වන දින පන්නෙගමුව හැළඹාන පාරේදි පන්නිගමුව,වීරවිල පදිංචි තිදෙරු පියෙකු වු අබේසිංහ ලියන ආරච්චිගේ ගාමිණි නැමති අය මන්නයකින් කපා කොටා ඝාතනය සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව නීතිපතිවරයා විසින් හම්බන්තොට මහාදිකරණය හමුවේ නඩු පවරා තිබුණි.

මියගිය ගාමීණී නැමති අය හා සැකකරු අතර බහින් බස් විමක් සිදු වි ඇති අතර ඉන් කෝපයෙන් සිටි බදනගේ විමලසිරි නොහොත් මාලු විමලේ නැමති අය ගාමිණී සිය පා පැදියෙන් ගමන් කරමින් සිටියදි පන්නිගමුව හැළඹාන පාරේ රැක සිට මාලු කපන මන්නයෙන් ඔහුට පහරදි තිබේ.සිය පාපැදිය මතම දරුණු කැපුම් තුවාල සහිතව එම ස්ථානයේදීම ගාමිණි මැරී වැටි සිටියේය.සිද්ධිය සම්බන්ධයෙන් තිස්සමහාරාම පොලීසිය පරික්ෂණ පවත්වා සැකකරු වන මාලු විමලේ නැමැත්තා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණි.‍

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වු මුලික නඩු විභාගයෙන් පසු නීතිපති වරයා විසින් සැකකරුට එරෙහිව 2000 වසරේදි හම්බන්තොට මහාධිකරණයේ අධිචෝදනා බාරදීමෙන් පසු නඩු විභාගය ආරම්භ කෙරුණි.එහිදී සැකකරුට එරෙහිව නගා තිබු චෝදනාව සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු විම හේතුවෙන් මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා අද (29) දින සිය නියෝගය ප්‍රකශයට පත් කෙරුණි.

මෙහිදි මහාධිකරණ විනිසුරු වරයා නියෝග කෙරුනේ පැමිණිල්ල විසින් සැකකරුට එරෙහිව නගා තිබු චෝදනාව සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරිම හේතුවෙන් සැකකරුට මරණ දඩුවම නියම කරන බවයි.ඒ අනුව සැකකරු ශ්‍රි ලංකා ජනාධිපති වරයා විසින් නියම කරන වේලාවකදි ස්ථානයකදි බෙල්ලෙන් එල්ලා මරණයට පත් කරනතෙක් සැකකරු වැළිකඩ බන්ධනාගාරයේ සිර කර තබන ලෙසද බන්ධනාගාර නිළධාරින්ට නියෝග කෙරුණි.


පැමිණිල්ල වෙනුවෙන් තිස්සමහාරාම පොලිසියේ පොලිස් කොස්තාපල් (91147)සදරුවන් රජයේ අධිනීතීඥ ගයාන් ලක්රුවන් පෙරේරා මහතා සමග පෙනීසිටියේය.



අදහස් (2)

පුද්ගල ඝාතනයකට වසර 22 කට පසු මරණ දඬුවම්

දිමුත් Wednesday, 29 May 2019 10:34 AM

අවුරුදු 22ක්?

:       0       1

sharm warn Thursday, 30 May 2019 03:50 AM

මේක තව හොදයි. ගිය සතියේ මම දැක්කා අවුරුදු 37ක් ගිහින් මරණ දඩුවම නියම කරපු කතාවක්. වයස 15ක ළමයෙක්ව වස පොවලා කපල කොටලා මරපු මනුස්සයට එවකට 24 වයස , මරණ දඩුවම නියම වෙද්දී 66ක් . ළමයි 6 දෙනෙකුත් එක්ක. ඔන්න රටේ නිතිය. බදියුදීන් ලා හිස්බුල්ලා ලා ගැන කවර කතාද ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 612 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1095 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site