(ඩී.ජී.සුගතපාල)
සැකකටයුතු ලෙස මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (21) උදෑසන සොයාගත් බව උඩුගම පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ උඩුගම දකුණ පදිංචිව සිටි 76 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි. ඔහු තනියම නිවසේ සිට ඇති අතර සිරුර උඩුගම දකුණ පංසල අසළ තේ ඉඩමේ තිබියදී සොයා ගෙන ඇත.
උඩුගම මහේස්ත්‍රාත්වරයා පැමිණ මූලික පරීක්ෂණ පැවැත්විමෙන් පසු පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්විම සඳහා මෘත ශරීරය කරාපිටිය රෝහල වෙත යැවිමට නියමිතව තිබින.
සිද්ධිය සම්බන්ධයෙන් උඩුගම පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd