IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පුත්තලම ළය රෝහලේ විදුලි ජනක යන්ත්‍රයක් නොමැතිකමින් සෙම් පටල විනාශයි


(එච්. චන්දන)
 
විදුලි නොමැති අවස්ථාවලදී ප්‍රයෝජනය සදහා විදුලි ජනක යන්ත්‍රයක් නොමැතිකමින්, පුත්තලම ප්‍රදේශයට විදුලිය නොමැති ඉකුත් දිනවලදී  පුත්තලම ළය රෝහලේ රෝගීන්ගෙන් පරීක්ෂා කිරීමට ලබා ගත් ලේ හා සෙම පටල රැසක් විනාශ වී ඇති බව වාර්තා වේ.
 
ස්වසන රෝග (ක්ෂයරෝග මර්දනයට) සම්බන්ධව පුත්තලම දිස්ත්‍රික්කයේ ඇති එකම රෝහල මෙය වන අතර මෙහි වායුසමීකරණ යටතේ තැබිය යුතු බෙහෙත් ගබඩාවක්ද, රෝගීන්ට අවශ්‍ය එක්ස් කිරණ පරීක්ෂණ වෙනුවෙන් එම යන්ත්‍රයක්ද මෙහි ස්ථාපනය කර ඇත.
 
මේ පිළිබදව අවස්ථා දෙකකදී පුත්තලම දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේදී සෞඛ්‍ය බලධාරීන්ගෙන්  දිස්ත්‍රික්කයේ දේශපාලනඥයින් විමසා සිටි නමුත් ඒ හැම මොහොතක පැවසුවේ මේ පිළිබදව සොයා බලන බවයි.
 
ඉකුත් 10 වෙනි දින පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යායේදී  ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සමාජ යටිතල පහසුකම් සංවර්ධණය කිරීමේ ග්‍රාමීය ආර්ථික නගා සිටුවීමේ වැඩ සටහන අවස්ථාවේදී පුත්තලම ලය රෝහලේ විදුලි ජනක යන්ත්‍රයක් නොමැති කම පිළිබදව පුත්තලම දිස්ත්‍රික් සංවර්ධන කම්ටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත මහතා කළ විමසීමකදී , එම අවස්ථාවට පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ නියෝජනය කරමින් සහාභාගිවු  ප්‍රජා සොඛ්‍යය  විශේෂඥ (සැලසුම්)  වෛද්‍ය තුෂාණි දාබරේ මහත්මිය සදහන් කළේ රසායනාගාරයේ භාවිත කළ හැකි කුඩා විදුලි ජනක යන්ත්‍රයක් පුත්තලමට ලය රෝහලට ලබා දී ඇති බවය.
 
නමුත් ඉකුත් 28 වන දිනද පුත්තලම ලය රෝහලට පැමිණි රෝගීන් රැසකගේ ලේ පටල හා සෙම් පටල  විදුලිය නොමැති කමින් පරීක්ෂා කිරීමට නොහැකිව,තමන්ට වාර්ථා ලබා ගැනීමට බැරි වු බවත්, ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකිව හැරී  යාමට සිදුවු බව එම රෝගීහු පවසති.

 



අදහස් (0)

පුත්තලම ළය රෝහලේ විදුලි ජනක යන්ත්‍රයක් නොමැතිකමින් සෙම් පටල විනාශයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 469 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1046 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site