IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පුත්තලම රෝහලේ ආරක්ෂක අංශයේ නිලධාරියකුට පහර දී රෝහලේ

හිරාන් ප්‍රියංකර ජයසිංහ

පුත්තලම මුලික රෝහලේ ආරක්ෂක අංශයේ නිළධාරියකුට අද ( 25 ) උදෑසන රෝහල් භුමියේදි පුද්ගලයකු පහර දිමේන් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය කියයි.

මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ අමිල සම්පත් නැමති රෝහල් ආරක්ෂක නිලධාරියකු බව කියයි.

මෙසේ පහර දී ඇති සැකකරු රෝහලේ 8 වාට්ටු ඒකකයේ ගැබිනි කාන්තාවක් බැලිම සදහා ලබා දි ඇති අවසර ප‍තට පිටින් යාමට සැරසි ඇති බවත් එය පහර කෑමට ලක්වු ආරක්ෂක නිළධාරියා විසින් වලකා ලිමට කෝප වි මෙසේ පහර දී ඇති බව කියයි.

අදාල සැකකරු ආරක්ෂක නිලධාරියා පළමුව අතින් තල්ලු කර ඇති බවත් එහිදි ඔහු බිම වැටි ඇති බවත් ඒ සමගම නැගිටිමට උත්සහ කිරීමේදි නැවත දිගින් දිගටම පහර දී දකුණු අතේහි වළලුකර ආසන්නයේ සපා කෑමකට පවා ලක්කර ඇති බව කියයි.

පසුව රෝහල් කාර්ය මණ්ඩලය හා ආරක්ෂක අංශය මැදිහත් වි ආරක්ෂක නිළධාරියා බේරා ගෙන ඇති බව කියයි.

ආරක්ෂක අංශ නිළධාරියාට පහර දුන් සැකකරු පැන යාමට සුදානම් වු අවස්ථාවේ දි රෝහල් ආරක්ෂක අංශ නිළධාරින් අදාල සැකකරු අල්ලා රෝහල් පොලිසියට භාර දී තිබුනී.

පහර කෑමට ලක්වු ආරක්ෂක අංශ නිළධාරියා ප්‍රථිකාර සදහා රෝහල් ගත කර ඇති බව කියයි.

පුත්තලම මුලස්ථාන පොලිසිය පවසා සිටියේ පහර දිමට සම්බන්ධ සැකකරු අත් අඩංගුවට ගෙන ඇති බවත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බවයි.



අදහස් (0)

පුත්තලම රෝහලේ ආරක්ෂක අංශයේ නිලධාරියකුට පහර දී රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 37 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site