(ජුඩ් සමන්ත)
පුත්තලම - මංගලඑළිය ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් දෙදරු පියෙකු මිය ගොස් ඇති බව මුන්දලම පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ මංගඑළිය - සමිදුගම පදිංචිව සිටි 37 හැවිරිදි ගීත් මංගල පෙරේරා නම් අයෙකි.
වෙඩි තැබීම සිදු කළ බවට සැක කරන 50 හැවිරිදි පුද්ගලයෙක් මුන්දලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සතුව තිබූ වෙඩි තැබීමට යොදා ගත් බෝර 12 පතුරම් යෙදිය හැකි ගල්කටස් වර්ගයේ ගිනි අවියක්ද පොලිස් බාරයට ගෙන ඇත.
කලක සිට පැවති ආරවුලක් වෙඩි තැබීමට හේතු වී ඇතිබව පොලීසිය පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd