(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුක්කුලම ධීවර ගම්මානයේ ධීවරයෝ පිරිසක් අද(18) තම උරුමය ඉල්ලා වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වූහ.
පුත්තලම දිස්ත්‍රික්කයේ අවසන් ගම්මානය වන විල්පත්තුව ජාතික වන උද්‍යාන මායිමේ පිහිටි මෙම පුක්කුලම ධීවර ගම්මානයේ ජනතාව 200 ක් පමණ ධීවර යාත්‍රා මගින් සේරක්කුලියට පැමිණ එතැන් සිට ලොරි රථ මගින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණ විරෝධතාවට එක් වූහ.
ධීවරයින් පවසාසිටියේ තමන්ගේ ඥාති පරම්පරා ගණනාවක් පුක්කුලම ධීවර ගම්මානයේ පදිංචි වී සිටියද අද වන විට ගම්මානයට ගමන් කිරීමට පවා වන ජීවී ඒකකයෙන් තහනම් කර ඇති බවයි. මේ වන විටත් පදිංචි ඉඩම් සඳහා ඔප්පුවක් ලබාදීමට බලධාරීන් කටයුතු කර නැති බවත්, ගම්මානයට ගොඩබිමින් කිසිදු ප්‍රවාහන කටයුත්තක් කරගැනීමට නොහැකි තරමට තහංචි දමා ඇති බවත් ඔවුහු කීහ.
වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් චතුරක ජයසිංහ මහතාට සංදේශයක් භාර දුන් ධීවරයින් පවසා සිටියේ මේ පිළිබඳව කඩිනමින් සොයා බලා කටයුතු කරන ලෙසටය.
මේ පිළිබඳව විල්පත්තුව ජාතික වන උද්‍යාන භාරකරු චමත් ලක්ෂමන් පෙරේරා මහතාගෙන් කළ විමසිමේදී පවසා සිටියෙ මෙවැන්නකි.
“ මෙය ධීවර ගම්මානයක් නොවෙයි. විල්පත්තුව ජාතික උද්‍යානය 1938 ගැසට් කරද්දී ධීවර කටයුතුවලට පමණක් මේ ස්ථානය ලබා දී තිබෙනවා. ධීවර වාඩි පමණක් මේ ස්ථානයේ පවත්වාගෙන යන්න, ධීවර කටයුතුවලට යොදා ගන්න පුලුවන්.
පුක්කුලමේ දිගින් මීටර් 600 ක් හා පළලින් මීටර් 20 ක් පමණක් ලබා දී ඇත්තේ ඒ අනුවයි. නමුත් පවුල් පිටින් කිසිම ලෙස මේ ස්ථානයේ රැඳී සිටින්න අවසර නැහැ. මේ ජනතාවට මුහුදු මාර් ග පමණක් භාවිත කරන්න අවසර දී තිබෙන්නේ, ගොඩබිම් මාර්ග භාවිත කරන්න කිසිම අවසරයක් නැහැ. මේක ජාතික උද්‍යානයක් බව සියලු දෙනාම දැනගත යුතුයි. අපි වැඩ කරන්නේ අදාළ නීති රාමුව යටතේ. නීතිය වෙනස් කරන්න අපිට පුළුවන් කමක් නැහැ” ඔහු පැවසීය.
(ඡායාරූප -හිරාන් ප්‍රියංකර)
(ඡායාරූප - රෝවන් පෙරේරා)
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
පුක්කුලම ගම්මානයේ ධීවරයෝ විරෝධතාවක
දිමුත් Tuesday, 18 February 2020 09:16 AM
මේගොල්ලොත් ඔක්සිජන් නැතුව ජීවත් වෙන්න පුලුවන් කොට්ඨශයක්ද කොහෙද..