( දිල්රුක්ෂි ග්‍රේරු)
නකල්ස් , පිටවල පතන , පුංචි ලෝකාන්තයෙන් පහළ ප්‍රදේශයේ තිබී මිනිස් අස්ථි කොටස් කිහිපයක් සොයාගෙන ඇති බව ලග්ගල පල්ලේගම පොලීසිය පවසයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ අලවතුගොඩ පදිංචිව සිටි 20 හැවිරිදි තරුණයෙකු බව හඳුනාගෙන ඇතැයිද පොලීසිය සඳහන් කරයි.
අස්ථි කොටස් තිබූ ස්ථානයේ තිබී ජංගම දුරකතනයක්, රියදුරු බලපත්‍රයක්, උපකරණ කිහිපයක්ද සොයාගෙන තිබේ.
පසුගිය වසරේ ඔක්තෝබර් 23 වැනිදා මෙම තරුණයාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් ඔහුගේ ඥාතීන් විසින් පොලීසියට පැමිණිල්ලක් කර ඇතැයිද අනාවරණය වී ඇත.
තරුණයාගේ මව පැමිණ එම භාණ්ඩ අතුරුදන් වූ සිට පුතුගේ බව තහවුරුකරගත් බවද පොලීසිය සඳහන් කළේය.
ලග්ගල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd