(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

ආණමඩුව කොට්ටුකච්චිය 10 කණුව ප්‍රදේශයේ පැරණි ගොඩනැගිල්ලක් ඉවත් කරමින් සිටි කම්කරුවකු එයට යටවී මරණයට පත්වී ඇති බව ආණමඩුව පොලිසිය පවසයි.

හියගොස්  ඇත්තේ මැල්ලන්කුලම කොට්ටුකච්චිය පදිංචි 42 හැවිරිදී චමින්ද සම්පත් කුමාර නැමැති දෙදරු පියෙකි.

එම තැනැත්තා 10 කණුව ප්‍රදේශයේ නිවසක දෛනික කුලී පදනමට ගොස් සිටියදී එම නිවැසියන් විසින් පැරණි ගොඩනැගිල්ලක් ඉවත් කිරීමට දී තිබේ.

ඔහු සමඟ තවත් දෘෂ්‍ය ආබාධිත අයකු සමඟ මෙම පැරණි ගොඩනැගිල්ල ඉවත් කරමින් සිටියදී එයට යටවී ඇති බව පොලිසියි කියයි.

ගොඩනැගිල්ල කඩා වැටෙන අවස්ථාවේදී මරණයට පත් තැනැත්තා සමඟ රැඳී සිටි පුද්ගලයා ඉවතට පැන ගැනීමේන් ජීවිතය බේරා ගෙන ඇත.

සිද්ධියෙන් බරපතල තුවාල ලබා සිටි තැනැත්තා රෝහල් ගත කිරීමට කිසිවෙකු සිට නොමැති බවත් ඔහු එම ස්ථානයේදීම මරණයට පත්වන්නට ඇති බවත් පොලිසිය පවසයි.

එම ස්ථානයට පැමිණි ආණමඩුව හදිසි මරණ පරීක්ෂක ආර්. එම්. තිලකවර්ධන මහතා දේහය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණය සඳහා පුත්තලම මූලික රෝහලට රැගෙන යාමට පොලිසියට නියෝග කර තිබුණි.