(ඩයනා උදයංගනී)
පාස්කු ඉරිදා දින එනම් ඉකුත් අපේ‍්‍රල් 21 වැනිදා කිතුණු දේවස්ථාන ඇතුළු ස්ථාන කිහිපයකට එලල් වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයේ තෙමස් පූර්ණය නිමිත්තෙන් එහිදී මිය ගිය අයට පිං පැමිණවීමේ දානමය පිංකමක් කොළඹ ආරක්ෂක අමාත්‍යාංශ පරිශ‍්‍රයේ දී අද (21) පෙරවරුවේ පැවැත්විණි.

මහා සංඝරත්නය 21ක් නමක් විෂයෙහි මෙම දානමය පුණ්‍ය කර්මය සංවිධානය කර තිබූ අතර අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස ශ‍්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක හිමියෝ ප‍්‍රමුඛ මහා සංඝරත්නය එයට වැඩම කර සිටියහ.

  ආචාර්ය කැමිලස් ප‍්‍රනාන්දු පියතුමා, ඩෙනින්ටන් සුබසිංහ පියතුමා, ෆ‍්‍රීලි මුතුකුඩආරච්චි පියතුමා ඇතුළු කිතුණු ආගමික පූජකතුමන්ලා සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් ශාන්ත කොට්ටේගොඩ, යුද හමුදාපති ලූතිනන් ජනරාල් මහේෂ් සේනානායක, නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් යන මහත්වරුන් ඇතුළු ආරක්ෂක අංශ ප‍්‍රධානීහු රැසක් මෙම දානමය පිංකම සදහා එක්ව සිටියහ