
(ජයන්ත සමරකෝන්)
කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් නොයන දරුවන් පිළිබඳ විශේෂ සංගණනයක් ආරම්භ කර ඇතැයි කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.
කොළඹ නගරයේ මට්ටක්කුලිය, මෝදර, කොටහේන යන ප්‍රදේශවලින් මේ වනවිට අදාළ සංගණන කටයුතු ආරම්භ කර ඇතැයි ද, කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා ලංකාදීපයට පැවසීය.
මෙවැනි සංගණනයක් සිදුවන්නේ ප්‍රථම වරට බවද, ඒ සඳහා නොබෝදා පත්වීම් ලැබූ උපාධිධාරීන් 2900ක් යොදවා ඇතැයි ද ඒ මහතා කීය.
මෙම සංගණනයෙන් පසු පාසල් නොයන දරුවන් පිළිබඳව අදාළ අංශ වෙත දැනුම්දෙන බවද කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd