
(අනීෂා මානගේ)
පාසල් නිල ඇඳුමෙන් බස් රථයක් තුළ දුම්පානය කරමින් සිටි බව කියන තංගල්ලේ ප්‍රසිද්ධ පාසලක 11 වැනි ශ්‍රේණියේ සිසුන් තිදෙනකු සහ 19 හැවිරිදි තරුණයන් දෙදෙනකු අද (28) අත්අඩංගුවට ගත් බව බෙලිඅත්ත පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ රන්න සහ නෙටොල්පිටිය ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුන් තිදෙනකි.
මෙම පාසල් සිසුන් තිදෙනා සහ තරුණයන් දෙදෙනා බෙලිඅත්ත නගරයේ බස් නැවතුම්පොළ තුළ නතර කර තිබූ බස් රථයක් තුළදී අත්අඩංගුවට ගෙන තිබිණි.
බස් රථයේ පිටුපස ආසනයේ වාඩි වී දුම්පානය කරමින් සිටියදී මොවුන් අද (28) පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් පාසල් සිසුන්ට තරයේ අවවාද කර දෙමව්පියන්ට බාර දීමට කටයුතු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහ වීර ක්‍රියාවක් කරලා, කුඩු ලංකාවට ගෙන්නන අය දැක්කම අහක බලාගෙන යනවා.