(ජේ.කේ.එල් චාමින්ද)
ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ වැල්ලදේවාලයට හැරෙන හන්දියේ දී පාර මාරුවෙමින් සිටි පුද්ගලයකු වාහනයක හැපීමෙන් මියගොස් ඇති අතර අනතුරට අදාළ වාහනය පලා ගොස් ඇති බව හබරාදුව පොලිසිය පවසයි.
අනතුර සිදුකළ වාහනය පැදවු රියදුරු වාහනයෙන් පලා ගොස් ඇතැයි පොලිසිය පවසයි.මෙලෙස මියගොස් ඇත්තේ වෙරතුඩගේ හරිස් චන්ද්‍ර (68) නැමති තල්පේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අනතුර සිදුවු ස්ථානයේ ඇති සි.සි.ටි.වි දර්ශන උපයෝගී කරගෙන රියදුරු රියදුරු අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ පවත්වයි. මියගිය පුද්ගලයාගේ හදිසි මරණ පරික්ෂණය අද (2) කරාපිටිය ශික්ෂණ රෝහලේ දී පැවැත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd