(සම්පත් ප්‍රියනන්දන)
පාර්ලිමේන්තුවට ඇතුළු වීමේ අවසර පත්‍ර සහ පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ දළ සැලැස්මක් සමඟ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරයේ සිටි මුස්ලිම් තරුණයා ජුනි 20 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (6) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ බලන්ගොඩ කිරිමැටිතැන්න ප්‍රදේශයේ පදිංචි නිසාරිඩින් නිස්ලාන් නැමති 27 හැවිරිදි තරුණයෙකි.
මෙම තරුණයා බලන්ගොඩ පොලිසිය විසින් ඉකුත් අප්‍රෙල් 24 වැනිදා අත්අඩංගුවට ගෙන අධිකරණට ඉදිරිපත් කිරීමෙන් පසුව මීට පෙර අවස්ථා කිහිපයකදී දිගින් දිගටම රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd