IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පානදුර උතුර පොලිසියේ 11කට මාරුවීම්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
පානදුර උතුර පොලිසියේ පොලිස් කොස්තාපල්වරුන් හත්දෙනෙකු ඇතුළු නිලධාරීන් 11දෙනෙකුට අද(22) සිට ස්ථාන මාරුවීම් ලබාදී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
 
පානදුර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලක්සිරි විජේසේන මහතාගේ උපදෙස් මත මාරුවීම් ලබාදී ඇතැයිද, එම නිලධාරීන් පානදුර පොලිස් කොට්ඨාසය තුළ පිහිටි බණ්ඩාරගම, පානදුර දකුණ, ඉංගිරිය, මිල්ලනිය, වාද්දුව, අගුරුවාතොට, මොරගහහේන සහ හොරණ පොලිස් ස්ථාන වෙත අනුයුක්ත කර ඇතැයිද පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය කියයි.
 
මාරුවීම් ලද නිලධාරීන් අතර, උප පොලිස් පරීක්ෂකවරයෙකු, සැරයන්වරයෙකු, පොලිස් සැරයන්වරියක, පොලිස් කොස්තාපල්වරුන් හත්දෙනෙකු සහ පොලිස් ආරක්ෂක සහයකවරයකු ඇතුළත්ව ඇතැයි එම කාර්යාල ආරංචි මාර්ග පවසයි.
 
පානදුර උතුර පොලිසියෙන් අස්ථානගත වූ ටී.56 ගිනි අවි දෙක මේ වනතුරුත් හමු වී නොමැති අතර, ඒ සම්බන්ධයෙන් පානදුර උතුර පොලිසියේ එවකට ස්ථානාධිපති ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක ප්‍රභාත් පරණවිතාන මහතාගේ සහ පොලිස් කොස්තාපල්වරයකුගේ සේවය අත්හිටුවීමට වැඩබලන පොලිස්පතිවරයා කටයුතු කළේය.
 
පානදුර උතුර පොලිසියේ පරිපාලන කටයුතු විධිමත් කිරීම සඳහා මෙම පොලිස් නිලධාරීන්ට ස්ථාන මාරුවීම් ලබාදුන් බවත්, ඒ වෙනුවට එම පොලිස් ස්ථානවල රාජකාරී කළ පොලිස් නිලධාරීන් පානදුර උතුර පොලිසිය වෙත යොමු කිරීමට කටයුතු කළ බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ නිලධාරියෙක් පැවසීය.



අදහස් (0)

පානදුර උතුර පොලිසියේ 11කට මාරුවීම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 33 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 123 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site