
(ජේ. ඉඳුරුවගේ)
අම්බලන්ගොඩ සිට කොළඹ දක්වා ලොරියකින් ප්‍රවාහනය කරමින් තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු කසළ තේ කිලෝ ග්‍රෑම් 6050 ක් එම රියදුරු සහ ලොරි රථය සමග අද (01) අත්අඩංගුවට ගත් බව බෙන්තොට පොලිසිය පැවසීය.
පොලිසියට ලැබුණු තොරතුරක් මත බෙන්තොට පාලම අසලදී සැකසහිත ලොරියක් නවතා පරීක්ෂා කිරීමේදී ගෝනිවල අසුරා තිබූ කසල තේ තොගය හමුවූ බව පොලිසිය කියයි.
මෙම තේ තොගය ප්‍රවාහනයට බලපත්‍රයක් හෝ තිබී නැති බවත්, අත් අඩංගුවට ගත් රියදුරා අම්බලන්ගොඩ පදිංචි 52 හැවිරිදි අයෙකු බවත් පොලිසිය පවසයි.
මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙයි


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd