IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


පඹහින්නේ සතොස විවෘත කිරීමට බාලගිරි දෝෂය

(ප්‍රින්ස් රත්නායක)
 
පඹහින්න ප්‍රදේශයේ විවෘත කිරීමට නියමිත නව සතොස වෙළඳසැළ පිහිටි ගොඩනැගිල්ලට වසර දෙකකට ආසන්න කාලයක් කුළිය ගෙවමින් සිටි නමුත් අවුරුදු කාලය තුළදීවත් එය විවෘත කර නැතැයි ප්‍රදේශවාසීහු චෝදනා කරති.
 
පාලන මිලක් යටතේ භාණ්ඩ මිලදී ගැනීමට පාරිභෝගිකයන් මහත් අපේක්ෂාවෙන් සිටියත් මෙවර අවුරුදු සමයේ විශාල ලාභයක් ලැබීමට ආයතනයට හැකිව තිබූ අවස්ථාව මගහරිමින් සිටින බව ඔවුහු පවසති. 
 
වසර දෙකකට ආසන්න කාලයක් පෞද්ගලික හිමිකරුවෙක්ට ආයතන කුලිය ගෙවමින් සිටින බවත්, වෙළඳසැල විවෘත නොකිරීමට හේතුව සේවකයන් බඳවා ගැනීමේ පවත්නා දේශපාලනික කඹ ඇදිල්ලක් බවත් ඇතැමෙක් පවසති. වෙළඳසැළට අවශ්‍ය උපකරණ  බඩුබාහිරාදිය මෙන්ම වෙළඳතොග ද සිංහල අවුරුද්ද එළඹීමට පෙර ආයතනයට ගෙනැවිත් සේවකයින් පිළිවෙළ කරනු දුටු බවත් ඔවුහු පවසති. 
 
මේ සම්බන්ධයෙන් සතොස  මෙහෙයුම් සාමාන්‍යාධිකාරී රොෂාන් හසන්  මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා මෙසේ කීය. 
 
“ මිනිසුන්ට ඕනෑ දෙයක් කියන්න පුළුවන්. දේශපාලන බලපෑමක් නැහැ. අවශ්‍ය සේවකයින් එකපාරටම අලුතෙන් යොමුකරන්න  බැහැ.  ඒ අය පුහුණු කරන්න ඕනෑ. මුදල් යන්ත්‍රයක් තියලා එකපාරටම සතොසක් අරින්න බැහැ. අක්‍රමිකතා වෙන්න පුළුවන්. ඒවා ජාලගත කිරීම අවශ්‍යයි. මේ මාස කීපය තුළ අපි සතොස වෙළඳසැල් 21 ක් විවෘත කළා. අවුරුද්දට පෙර අපි මෙම පඹහින්න සතොස වෙළඳසැල විවෘත කරන්න උපරිම උත්සාහ දරනවා”
 
වසර දෙකක් පුරා මහජන මුදල්  අපතේ යවමින් සිදුකරනු ලබන නාස්තිය මහජනයා වෙත සිදුකරන තවත් බරක් ලෙස පෙන්වාදෙන ප්‍රදේශවාසීහු කඩිනමින් සතොස විවෘත කරන්නැයි ඉල්ලති.

 



අදහස් (0)

පඹහින්නේ සතොස විවෘත කිරීමට බාලගිරි දෝෂය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 783 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 382 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site