(හේමලතා ඞී හේවගේ)
පන්නල - පන්නරය ප‍්‍රදේශයේ පිහිටි ශ්‍රී බෝධිමාලකාරාම පුරාණ විහාරස්ථානයේ දේවාල කුටියේ තැන්පත්කර තිබූ පිත්තලෙන් නිමකරන ලද පැරණි දේව ප්‍රතිමාවක් අද (09) සොරකම්කර ඇති බව පන්නල පොලිසිය කියයි.
උස අඩි දෙකහමාරකින් පමණ සමන්විත මෙම ප්‍රතිමාවේ බර කිලෝ ග‍්‍රෑම් 40 කට අධික බවද විහාරාධිපති වෙල්පල්ලේ රතන තිස්ස හිමියන් පොලිසියට කර ඇති පැමිණිල්ලේ සඳහන්වේ.
විහාරස්ථානයේ චෛත්‍යයත් බෝධියත් අතර ඉදිකර ඇති විශ්ණු දේවාල කුටියේ මෙම පිළිම වහන්සේ තැන්පත්කර තිබූ අතර එහි ඉදිරිපස දොර කඩා පිළිම වහන්සේ රැගෙන ගොස් ඇති බවට තොරතුරු අනාවර්ණය වී ඇති බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd