(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ. හෙට්ටිආරච්චි)
බලන්ගොඩ නගරයේ ඇති පදික මාරුවේදී කාන්තාවක අනතුරට ලක් කර තුවාල සිදුකළ ත්‍රිරෝද රථ රියැදුරෙකු ඔක්තෝබර් (15) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (09) නියෝග කළේය.
බලන්ගොඩ උඩ ඇල්ලේපොළ ප්‍රදේශයේ පදිංචි 33හැවිරිදි ත්‍රිරෝද රථ රියැදුරෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
ඉකුත් (07) දා බලන්ගොඩ නගරයේ තුඔගොඩ පදික මාරුවේදි පාර මාරුවෙමින් සිටි කාන්තාවක අනතුරට ලක් කර මෙම ත්‍රිරෝද රථ රියැදුරු පලා ගොස් තිබෙන අතර එම කාන්තාව බලන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර තිබුණි.
ඒ අසළ වෙළඳසැල්වල සවිකර ඇති සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂා කිරීමෙන් පසු මෙම ත්‍රිරෝද රථ රියැදුරු හඳුනාගෙන ඇත.
බලන්ගොඩ පොලිසිය සැකකරු අද(09) අත්අඩංගුවට ගෙන අධිකරණට ඉදිරිපත් කිරීමෙන් පසු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd