(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

නීති විරෝධී  අන්දමින්  ධීවර යාත්‍රා මගින් මුහුදු මාර්ගය ඔස්සේ විදේශ ගත වීමට පැමිණි පුද්ගලයින් 10 දෙනෙකු සහ හලාවත පොලීසියේ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
 
සැක සහිත අයුරින් රැදී සිටියදී ලැබුණු තොරතුරකු මත මෙම පිරිස අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
 
කුඩා ප්‍රමාණයේ ලොරි රථයකින් හලාවත ඉරණවිල මාර්ගයේ ගමන් කරමින් සිටියදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර  මේ සඳහා සහය දුන්   ලොරි රථයේ රියදුරු සහ රිය සාහායකද අත්අඩංගුවට ගෙන තිබේ
 
අත්අඩංගුවට ගෙන ඇත්තේ වාලාච්චේන ප්‍රදේශයේ පදිංචි, වයස අවුරුදු 20 – 40 ත් අතර පසුවන දමිළ ජාතිකයන්ය.  ලොරි රථයේ රියදුරු සහ සහයක සිංහල ජාතිකයන් වන අතර ඔවුහු මාරවිල සහ තොඩුවාව ප්‍රදේශයේ පදිංචි අය වෙති.

එම ප්‍රදේශයේ මා දැල් රැකියාව පවත්වාගෙන යාමට පැමිණි මුවාවෙන්  මෙම ජාවාරම සිදු කිරීමට කටයුතු යොදා ඇති බව හලාවත පොලිසිය මගින් සිදුකළ විමර්ශනවලදී හෙළිවී ඇත.

හලාවත පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු පවත්වාගෙන යයි.