(ඉන්දිකා රාමනායක)

කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ෂණ කාර්යාංශය විසින් අද (26) කෙසෙල්වත්ත ප්‍රදේශයේ සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීමකින්, නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද බෙන්සන් වර්ගයේ දුම්වැටි 10,000ක් (කාටුන් 50ක්) අත්අඩංගුවට ගෙන ඇත.