(ටී.කේ.ජී.කපිල)
විදේශීය දුම්වැටි තොගයක් ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන්මගියකු අද (08) කටුනායක ගුවන් තොටුපල පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය.
අත්අඩංගුවට ගත් පුද්ගලයා නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි සුළු පරිමාණ ව්‍යාපාරිකයෙකි.
මොහු මීට පෙර ද එක් වතාවක් නීතිවිරෝධී ලෙස දුම්වැටි තොගයක් ශ්‍රී ලංකාවට රැගෙන විත් දඩුවම් ලැබූ අයෙකු බව රේගුව පවසයි.
ඔහු විසින් රැගෙන ආ ගමන් මලු වල දුම්වැටි 18,200 ක් අඩංගු දුම්වැටි කාටූන් 91 ක් තිබූ අතර ඒවායේ මුළු වටිනාකම රුපියල් 10,92,000 ක් බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd