IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


නීතිවිරෝධී ගව ඝාතනාගාරයක් පවත්වාගෙන ගිය අයෙක් අත්අඩංගුවට


(ශාන්ත චන්ද්‍රසිරි)

නීතිවිරෝධි ලෙස බලපත්‍රයක් නොමැතිව එළ ගවයෙකු මරා මස් කරමින් සිටි පුද්ගලයෙකු සමග මස් කිලෝ 250ක පමණ තොගයක් ආගරපතන, හෝල්බෲක් ප්‍රදේශයේදී අද (02) අත්අඩංගුවට ගත් බව තලවකැලේ පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරිහු පවසති.  

හෝල්බෲක් ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන ගව ඝාතනාගාරයක මෙසේ බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී අයුරින් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු සහාය නොමැතිව එළ ගවයෙකු මරා මස් කරමින් සිටියදී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් එම ස්ථානය වටලා සැකකරු සමග මරා මස්කරන ලද ගවයාගේ මස් තොගය අත්අඩංගුවට ගෙන තිබේ.

උඩරට වතුකරයේ පිහිටි බොහෝ ගව ඝාතනාගාරවල නීතිවිරෝධි ලෙස මෙසේ ගවයන් මරා මස්කරනු ලබන බවට ලද තොරතුරු මත තලවකැලේ පොලිස් විශේෂ බලකා කඳවුරේ කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ආර්. එම්.  රාජකරුණා මහතාගේ උපදෙස් මත මෙම වැටලීම සිදුකරනු ලැබූ බවත්, මෙවැනි වැටලීම් දිගින් දිගටම සිදුකර නීතිවිරෝධි ක්‍රියාවන්ගේ යෙදෙන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට ගෙනඒමට පියවර ගන්නා බව වැටලීම සිදුකරන ලද දෙවන කඳවුර අණදෙන නිලධාරී උප පොලිස් පරීක්ෂක මහේෂ් මධුර මහතා පැවසීය.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරු හා මස් තොගය නීතිමය ක්‍රියාමාර්ග සඳහා ආගරපතන පොලීසියට හා ආගරපතන මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීවරයාට භාරදීමට පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පියවර ගෙන තිබිණි.



අදහස් (0)

නීතිවිරෝධී ගව ඝාතනාගාරයක් පවත්වාගෙන ගිය අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 413 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site