(ප්‍රියාණි මංගලිකා)
කොරෝනා වසංගත තත්වය රට පුරා ව්‍යාප්ත වෙමින් පවතින සමයේ උත්සව තහනම් කර තිබියදී ,නීති විරෝධී ලෙස උපන් දින මත්පැන් සාදයක් පැවැත් වූ සැකකරුවෙකුට රුපියල් 10,000 ක දඩ මුදලක් ගෙවන ලෙස නිකවැරටිය මහේස්ත්‍රාත් සසිකා ලක්මාලි දසනායක මහත්මිය අද (12) නියෝග කළාය.
මෙලෙස දඩ නියම කෙරුණේ නිකවැරටියේ ව්‍යාපාරිකයකුටය. මොහුට අධිකරණයේ දී තරයේ අවවාද කෙරිණි .
මෙම ව්‍යාපාරිකයා මෙලෙස තම සිඟිති දරුවාගේ උපන් දිනය සමරා මත්පැන් සාදය පවත්වා ඇති බවද ,එම සාදයට සහභාගී වූ පොලිස් නිලධාරීයකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට පසුව වෛද්‍ය වාර්තා වලින් තහවුරු වූ බවද ,නිකවැරටිය මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතුන් අධිකරණයට කරුණු දක්වමින් පැවසීය .
ඒ අනුව සාදය පැවැත්වූ ව්‍යාපාරියාගේ පවුලේ අය ඇතුළුව පවුල් 36 ක් පමණ නිරෝධායනයට ලක් කරමින් ,සිදු කළ පී.සී.ආර්.පරීක්ෂණ වලදී ,මත් පැන් සාදය පැවැත්වූ මෙම ව්‍යාපාරිකයාටද කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට වෛද්‍ය වාර්තා වලින් තහවුරු වූ බවද මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතුන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් පැවසීය .
නිකවැරටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ගාමිණී එදිරිසිංහ මහතාගේ උපදෙස් අනුව ,පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සී.එස්.කේ.ජයසුන්දර මහතා ගේ මෙහෙයවීමෙන් ,මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතුන් වන ආර්.එම්.සී.පී.බංඩාර ,ඩී.එම්.දයාරත්න,ආර්.ඒ.එස්.ආරියවංශ යන නිලධාරීන් පරීක්ෂණ සිදු කෙරිණි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
නීතිවිරෝධී උපන්දින සාදයක් පැවැත්වූයේ යයි දඩ