
(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙටිටිආරචිචි)
නිවාඩු නිකේතනයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක සිටි තරුණියන් දෙදෙනෙකු ඇතුළු සිව්දෙනකු මේ මස 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ වැඩබලන මහෙස්ත්‍රාත් බී.එම්. චන්ද්‍රසේකර මහතා අද (11) නියෝග කළේය.
මහනුවර සහ වලපනේ ප්‍රදේශයේ පදිංචි තරුණියන් දෙදෙනෙකු සහ වැල්ලව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු සහ එම ආයතනයේ කළමනාකරු ලෙස කටයුතු කළ බලංගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
මොවුනට සමාජ රෝග වැළදී ඇත්දැයි තහවුරු කරගැනිම සදහා වෛද්‍යවරයකු වෙත යොමු කර වෛද්‍ය වාර්තා ද ලබන 13 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වැඩබලන මහෙස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේය.
බලන්ගොඩ රත්නපුර මාර්ගයේ ඇල්ලෙපොළ ප්‍රදේශයේ නිවාස නිකේතනයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා බලංගොඩ පොලිසිය විසින් මොවුන් අත්අඩංගුවට ගනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd