( සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙටිටිආරචිචි)
බලන්ගොඩ මිරිස්වත්ත ප්‍රදේශයේ නිවසකට ඇතුළු වි මැණික් ගල් තොගයක් සහ ස්වර්ණාභරණ සොරකම් කළ සැකකරුවන් දෙදෙනෙකු සොරකම් කරන ලද මැණික් ගල් තොගය සහ ස්වර්ණාභරණ සමඟ අද (05) සවස අත්අඩංගුවට ගත් බව බලන්ගොඩ පොලිසිය පවසයි.
බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ පදිංචි 25 සහ 49 වයස්වල පසුවෙන පුද්ගලයන් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් 25 හැවිරිදි පුද්ගලයා අධිකරණයේ විභාග වන නඩු තුනක් සමිබන්ධයෙන් වරෙන්තු කරැවෙකු බවද පොලිසිය පවසයි.
එම සොරකමට සම්බන්ධ තවත් පුද්ගලයෙකු සිටින බවට අත්අඩංගුවට ගත් පුද්ගලයන් විසින් පොලිසියට පවසා ඇත.
ඔහුද අත්අඩංගුවට ගැනිම සදහා පොලිසිය පරික්ෂණ ආරම්භ කර ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙට (06) දා බලන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිපත් කිරිමට නියමිතව ඇත.
බලන්ගොඩ පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරික්ෂක ජයතිස්ස මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ ස්ථානාධිපති ආර්.ආර්.ජි.කේ. බණ්ඩාර මහතා ඇතුළු නිළධාරි කණ්ඩායමක් විසින් එම වැටලිම සිදුකර ඇත.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.