(අමිල මදුශංක)
හබරාදූව පොලිස් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි නාවික හමුදාවේ වැලිසර කඳවුරේ සාමාජිකාවන් 40 සිය නිරෝධායන කටයුතු සාර්ථකව නිමකිරීමෙන් අනතුරුව නිවෙස් වෙත පිටත්කර හැරීම අද (04) ගාල්ල හබරාදූව පොලිස් නිරෝධායන මධ්‍යස්ථානයේදී සිදු කෙරිණි.
මෙම පිරිස දින 14 ක නිරෝධායනය අතරතුර පී.සී.ආර්. පරීක්ෂණයකටද මුහුණදුන් අතර එයින් කොවිඩ් 19 ආසාදනය වී නොමැති බව තහවුරු වීමෙන් අනතුරුව මෙලෙස සිය නිවෙස්කරා පිටත්කර හැරීමට හැකි වූ බව හබරාදූව පොලිස් නිරෝධායන මධ්‍යස්ථානයේ ස්ථාන භාර වෛද්‍ය සංදීර ජයකොඩි මහතා පැවසීය.
මෙලෙස නිරෝධායන කටයුතු අවසන් කළ නාවික හමුදා සාමාජිකාවන් , නුවර ,කෑගල්ල ,කොළඹ,කලුතර,මාතර හා ගාල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසකි.
නාවික හමුදා සාමාජිකයන් 155 ක පිරිසක් තවදුරටත් මෙම නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd