(වසන්ත චන්ද්‍රපාල)
අම්පාර දිස්ත්‍රික්කයේ නින්දවුර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය දැඩි මුහුදු ඛාදනයකට ලක්වෙමින් පවතින බවද, නිවාස ඇතුළු ගොඩබිමෙන් විශාල ප්‍රමාණයක් මේවනවිටත් ඛාදනයට ලක්ව ඇති බවද ප්‍රදේශවාසීහු පවසති.
ධීවරයින්ට තම ඔරු නැවැත්විය නොහැකි තත්වයක් උදා වී ඇති බවද ඔවුහු කියති.
මේ තත්වය දිගින් දිගටම පැවතුණහොත් නින්දවුර මුහුදු වෙරළ ආසන්නයෙන් වැටී ඇති මාර්ගයද විනාශ විමට ඉඩ ඇති බව ගම්වාසීහු කියති.
වෙරළ සංරක්ෂණ දෙපාර්මේන්තුවට සහ දේශපාලඥයින්ට පවතින තත්වය පිළිබඳව පැමිණිලි කර ඇතත් ඔවුන් කිසිම ක්‍රියාමාර්ගයක් ගෙන නැති බවද ඔවුහු පවසති.
නින්දවුර් ප්‍රාදේශීය මහා ලේකම් ටී.එම්.අන්සාර් මහතා පැවසුවේ දැනට අක්කර 140 ක ප්‍රමාණයක් මුහුදු ඛාදනයට ලක්ව ඇති බවයි. මෙයට පිළියමක් ලෙස මුහුදු තීරයට ගල් අතුරාලීමට කටයුතු කිරීමට සැලසුම් කළද, ධීවර කර්මාන්ත යෙදෙන ජනතාවට බාධාවක් වීම නිසා එය ක්‍රියාත්මක නොවී තිබෙන බවද දැනට වැලි කොට්ට ගැසීමට වෙරළ සංරක්ෂණ දෙපාර්මේන්තුව කටයුතු කරන බවද ඒ මහතා කීය.
වෙරළ සංරක්ෂණ දෙපාර්මේන්තුවේ ඉංජිනේරු කේ.එම්.රිෂාඩ් මහතාගෙන් විමසීමේදි ඔහු පැවසුවේ දැනට මෙම ප්‍රදේශයේ වැලි කොට්ට ගැසීමට මිල ගණන් කැඳවා, එය අනුමත කිරීම සඳහා ප්‍රධාන කාර්යාලයට යවා ඇති බවයි. ඔලුවිල් වරාය ආරම්භ කිරීමෙන් පසුව මේ තත්වය උදාවී ඇති අතර දැන් නැවතත් අට්ටපලම් යන ප්‍රදේශවල විශාල ප්‍රමාණයක් වැලි තැන්පත් වී ඇති බවද ඒ මහතා පැවසීය.



2025 නොවැම්බර් මස 17
15
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
863
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2496
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
නින්දවූර්හි මුහුද ඛාදනයවීමෙන් ධීවර නිවාස අනතුරේ