( ඩී.කේ.රත්න )
ඌව පරණගම මානා ඇල්ල දිය ඇල්ල අසල පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් භූමියක නිධන් හෑරීමට පැමිණි යුද හමුදා සෙබළුන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු අද (24) අත්අඩංගුවට ගෙන ඇතයි ඌවපරණගම පොලීසිය පැවසීය.
මොනරාගල නක්කල පදිංචි වයස අවුරුදු තිස් දෙකක හා පස්සර මැදවෙලගම පදිංචි වයස අවුරුදු විසි අටක යුද හමුදා සෙබළුන් දෙනෛකු සහ නෙලුව මොරවක පදිංචි වයස අවුරුදු තිස් දෙකක පුද්ගලයෙකු ඌව පරණගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මොවුන් අත්අඩංගුවට ගනු ලබන අවස්ථාවේදී ඔවුන් ළඟ තිබී කුළු ගෙඩියක්,පහන් දෙකක්, තෙල් බෝතලයක්, දේවාලයකින් ලබා ගත් භාණ්ඩ ඇතුළත් ලේඛනයක් සමඟ ඔවුන් පැමිණි මෝටර් රථයද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ සිදුකරන අපරාධ වලින් වැඩි හරියක් කරන්නේ පැනල ඉන්න හමුදාකාරයින් .මොන කරුමයක්ද ? මටනම් තේරෙන්නේ නැහැ.