(ක.ග.කරුණාරත්න)
හිඟුරක්ගොඩ කවුඩුල්ල ප‍්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඉඩමක නිධන් හාරමින් සිටි බව කියන පුද්ලයන් 7 දෙනෙකු අද(19)අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරුවන්ගෙන් 6දෙනෙකු කවුඩුල්ල වෙහෙරගල ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර අනෙක් සැකකරු හිඟුරක්ගොඩ, කිඹුලාවල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු බව අනාවරණය වී ඇත.
පොළොන්නරුව කොට්ඨාස මත්ද්‍රව්‍ය වැටීම් ඒකකයට ලැබූණු තොරතුරක් මත එහි පොලිස් කණ්ඩායමක් විසින් මෙම වැටලීම කර තිබිණි.
නිධන් හෑරීම සඳහා උපයෝගී කරගත් බව කියන උදලු, අලවංගු, වතුර මෝටරයක් ආදී උපකරණද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd