IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


නැගෙනහිර පළාතේ ‘සුවසැරිය’ සේවාව ඇරඹේ

(ඩයනා උදයංගනී සහ වසන්ත චන්ද්‍රපාල)
 
දිවයින පුරා ක්‍රියාත්මක වෙමින් පවතින ‘සුවසැරිය’ ගිලන් රථ සේවයෙහි නැගෙනහිර පළාතේ සේවා කටයුතු අද(23) ආරම්භ කෙරිණි.           
මෙම සේවාව ආරම්භ කර ගත වූ කාලයේදී හදිසි ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් 198,223 ක් රෝහල් ගතකර අතර එම ගිලන්රථ තුළ මේ වනවිට දරු උපත් 89 ක් ද සිදුව තිබේ.
            
අංක 1990 හදිසි දුරකථන ඇමතුම් අංකය ඔස්සේ සම්බන්ධ කර ගත හැකි, නොමිලයේ ක‍්‍රියාත්මක සුවසැරිය ගිලන්රථ 297 ක් දිවයින පුරා ක‍්‍රියාත්මක බව ආර්ථික ප‍්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.   
            
ආර්ථික ප‍්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍යාංශය යටතේ මෙම සේවාව ක‍්‍රියාත්මකය.           
            
මේ වනවිට දුරකතන ඇමතුම් 1,133,344 කට ක්ෂණිකව ප‍්‍රතිචාර දක්වා ගිලන්රථ වාර 219,371 ක් පිටත් කර යවා මිනිත්තු 12.58 ක් වැනි සාමාන්‍ය කාලයක් තුළ රෝගියා වෙත ළඟාවී ඔවුන් රෝහල් ගතකර ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
            
මෙම සේවාව ඉන්දීය රජයේ සහයෝගයෙන් 2016 ජූලි මාසයේදී දකුණු සහ බස්නාහිර පළාත්වල ආරම්භ කෙරුණු අතර පසුව සෙසු පළාත්වලද ව්‍යාප්ත කෙරිණි.

නැගෙනහිර පළාතේද ගිලන් රථ සේවාව ක‍්‍රියාත්මක කිරීම ඉකුත් දා ආරම්භ කෙරුණු අතර ඒ අනුව එම පළාතේ ත‍්‍රිකුණාමලය, මඩකළපුව සහ අම්පාර යන දිස්ත‍්‍රික්කවලද ගිලන් රථ 27ක් ක‍්‍රියාත්මක වේ.
            
ඒ අනුව මේ වනවිට මෙම ගිලන් රථ සේවාව මුළු රටම ආවරණය කරමින් ක‍්‍රියාත්මක බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
            
දින 365 පුරා ක‍්‍රියාත්මක මෙම සේවාව ආරම්භ කිරීම සඳහා ඉන්දියාව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 22.5 ක යළි නොගෙවිය යුතු ප‍්‍රදානයක් ලබා දී ඇතැයිද ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කීවේය.
            
මේ වනවිට මෙරට තරුණ තරුණියන් 1,428 ක් සුවසැරිය යටතේ රැකියා අවස්ථා ද හිමිකරගෙන තිබේ.      
            
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සිං සන්ධු, ආර්ථික ප‍්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා, ප‍්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය දයා ගමගේ යන මහත්වරු සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන වැඩ බලන ඇමතිනී අනෝමා ගමගේ මහත්මිය මෙම අවස්ථාවට සහභාගී වූහ.



අදහස් (0)

නැගෙනහිර පළාතේ ‘සුවසැරිය’ සේවාව ඇරඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 481 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site