
(සිසිර ලලිත් කුමාර)
නාවලපිටිය කැටබුලාව හරහා කොත්මලේ මාර්ගයේ නවතිස්පනේ හෙනවල ප්‍රදේශයේදී මාර්ගයට ගසක් කඩා වැටීමෙන් එහි ගමනාගමන කටයුතු අද(20) අලුයම සිට සම්පූර්ණයෙන්ම අඩාල විය.
කැටබුලාව ප්‍රදේශය අලුයම සිට නොනවත්වා ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හා දැඩි සුළඟ සමඟ මාර්ගය ආසන්නයේ තිබූ විශාල ප්‍රමාණයේ ටර්පන්ටයින් ගසක් ඉදිරී වැටී ඇත. ගස වැටීමේදී මාර්ගයට යාබදව ඇද ඇති විදුලිය රැහැන්වලටද හානි සිදු වීමෙන් එම ප්‍රදේශයට විදුලිය සැපයුමද අඩාල විය.
මෙම ගස කඩා වැටීම හේතුවෙන් රොජර්සන්ගම සිට නාවලපිටිය හරහා මහනුවර ට ධාවනයවන බස් රථ, තිස්පනේ හරහා නාවලපිටිය දක්වා ධාවනයවන බස් රථ හා අනෙකුත් වාහන ධාවනවලට ද බාධා එල්ල වීය.
(ඡායාරූප - ගාමිනී බණ්ඩාර ඉලංගන්තිලක)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd