රංජිත් රාජපක්ෂ
නුවරඑළිය වලපනේ මුන්වත්ත මලපට්ටාව ප්‍රදේශයේ නායයාමෙන් අතුරුදන්ව සිටි පාසල් සිසුවාගේ සිරුර ද අද (1) නාය ගිය ස්ථානයේ පස්වලට යට වී තිබී යුද හමුදා භට පිරිස් විසින් සොයා ගනූ ලැබු බව පදියපැලැල්ල පොලිසිය පවසයි.
මෙසේ සොයාගනු ලැබුවේ වලපනේ සිංහල මහ විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි ජි.ජි කලන පැතුම් (15) හැවිරිදි සිසුවාය.
නායයාමෙන් මිය ගිය අඹුසැමි යුවළගේ සහ පාසල් සිසුවියගේ සිරුරු අද (1) උදැසන මෙහෙයුමේ නිරතව සිටි තුන්වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් සොයා ගන්නා ලදී.
නායයාමෙන් මිය ගිය සිව්දෙනාගේ සිරුරු පශ්චාත් මරණ පරික්ෂණ සදහා වලපනේ රෝහලේ තැන්පත් කර ඇති බව නායයාම පිළිබඳ පරික්ෂණ පවත්වන පදියපැලැල්ල පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd