(ශාන්ත චන්ද්‍රසිරි)
නුවරඑළිය - හැටන් මාර්ගයේ නානුඔය, රදැල්ල මාර්ගය අප්‍රේල් 06 සිට 08 දක්වා වසා තැබෙන බව නානුඔය පොලීසිය පවසයි.
ශ්‍රී ලංකාවේ පළමුවරට පැවැත්වෙන රදැල්ල කඳු තරණය ජාත්‍යන්තර මවුන්ටන් පාපැදි තරගයට දෙස් විදෙස් තරගකරුවන් රැසක් එක්වීමට නියමිත බැවින් එහි සංවිධායක කටයුතු සඳහා එම මාර්ගයේ කිලෝමීටර් තුනක පමණ දුරක් වසා දැමීමට නියමිතව තිබේ.
06 දින පෙරවරු 10.00 සිට පසුදා පස්වරු 2.00 දක්වා සහ 08 දින පෙරවරු 6.00 සිට පස්වරු 4.00 දක්වා මෙම මාර්ගය වසා දැමෙන බව නානුඔය පොලිස් ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක ප්‍රියන්ත අමරසිංහ මහතා කීය.
නානුඔය - රදැල්ල රවුම් මාර්ගය විකල්ප මාර්ගයක් ලෙස එම කාලය තුළ රියදුරන්ට භාවිත කළ හැකි බවද නුවරඑළිය - හැටන් මාර්ගයේ රථවාහන ගමනාගමනයට මෙයින් කිසිඳු බාධාවක් සිදු නොවන බවද ඒ මහතා පැවසීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.