(පාලිත ආරියවංශ)

ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ සිසුන්ට මාස 5 පමණ කාලයකසිට අමානුෂික නවක වදය ලබාදුන්නේ යැයි සැකපිට එම විශ්ව විද්‍යාලයේම තුන්වන වසරේ සිසුන් 10 දෙනෙක් අද (11) අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය පවසයි.

නේවාසිකාගාරවලින් පිටතට රැගෙන ගොස් පහරදී  වද දුන් බවට සිසුන් හතර දෙනෙක් විසින් කරන ලද පැමිණිලිවලට අනුව  මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

පරදීම්  නිසා තුවා ලැබූ සිසුන් බදුල්ල මහ රොහලට ඇතුළත් කර ඇති බවද පොලිසිය සඳහන් කළේය. 

නවකවදය හේතුවෙන් සිසුන් පිරිසක් විශ්ව විද්‍යාලය හැරගොස් ඇති බවද සඳහන්වේ.

මෙම සිද්ධිය පිළිබඳ බදුල්ල පොලිසිය වැඩිදුර විමර්ශණ සිදුකරයි.