IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


නයාරු මුහුදේ නීති විරෝධිව මසුන් ඇල්ලු 19 ක් අත්අඩංගුවට

( රොමේෂ් මධුෂංඛ)
මුලතිව් නයාරු මහ ත්‍රිකුණාමලය කුඹුරුපිඩ්ඩි මුහුදු ප්‍රදේශයේදී නීතිවිරෝධීව මසුන් අල්ලමින් සිටි ධීවරයින් 19 දෙනෙකු හා ධීවර යාත්‍රා 07ක් නාවික හමුදා භාරයට ගෙන ඇත.
 
නැගෙනහිර නාවික විධානයට අයත් නාවික සෙබලුන් පිරිසක් විසින් කුඹුරුපිඩ්ඩි සහ නයාරු මුහුදු තීරයේ  සෝදිසි නිරීක්ෂණයක නිරත වූ අවස්ථාවේදී  එලෙස තහනම් දැල් යොදා මසුන් අල්ලමින් සිටි ධීවරයින් අත්අඩංගුවට ගෙන ඇත.
 
එහිදී ධීවරයින් 19 දෙනා සමගින් තහනම් දැල් හා මසුන් මැරීමට යොදාගත් උපකරණ සමගින් මෙසේ නාවික හමුදා භාරයට ගනු ලැබීය.
 
නාවික හමුදා භාරයට ගත් ධීවරයින් වයස 25ත් 49 ත් අතර පසුවන කෝකිලායි, පදවි ශ්‍රීපුර, මදුරක්කුලිය සහ පුල්මඩේ පදිංචි කරුවන් වන අතර ඔවුන් වැඩි දුර පරික්ෂණ කටයුතු සඳහා මුලතිව් සහකාර ධීවර පරික්ෂක කාර්යලය වෙතට භාර දීමට නාවික හමුදාව පියවර ගනු ලැබීය.

 

 



අදහස් (0)

නයාරු මුහුදේ නීති විරෝධිව මසුන් ඇල්ලු 19 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 118 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site