(කාංචන කුමාර ආරියදාස)
 
දෙමටගොඩ දෙමහල් නිවසේ සිදු වූ පිපිරීමෙන් ජීවිතක්ෂයට පත් වූ පොලිස් සැරයන් ලහිරු උමේෂ්  දුලංජන මහතාගේ අවසන් කටයුතු අද (24) එනම් ඔහුගේ 29 වැනි උපන් දිනය යෙදුණු දින පොලිස් ගෞරව ආචාර ඇතිව කැකිරාව දඔලු හල්මිල්ලෑව ගීරානගම පොදු සුසාන භූමියේදී සිදු කෙරිණි.
 
මියගිය පොලිස් සැරයන්වරයාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ප්‍රදේශවාසීන් මෙන්ම යුද හමුදාව පොලිසියේ විශාල පිරිසක් එක්ව සිටියහ.  
 
ආගමික වතාවත් සිද්ධ කිරීමෙන් පසුව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර් .එම් වන්නිනායක මහතා  විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එවා තිබූ ශෝක පණිවිඩය ඉදිරිපත් කර පසුව දේහය ඥාතීන් විසින් ප්‍රධාන මාර්ගයට රැගෙන ගොස් පොලිසියට භාර දීම සිදු කළහ.
 
පොලිස් කණ්ඩායමක් ආචාර්ය පෙළපාලියකින් දේහය මිහිදන් කිරීම සඳහා සුසාන භූමිය වෙත රැගෙන ගියේය.