IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


දෙණියාය රෝහලේ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලය වැඩ වරති

(එස්. ඩි. කොඩිකාර)

දෙණියාය මූලික රෝහලේ රෝහල් කාර්ය මණ්ඩලයට පහරදී වෛද්‍යවරුන්ට බැන තර්ජනය කර රෝහලේ හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකයට රුපියල් ලක්ෂ පහකට අධික අලාභ හානියක් සිදු කළ  සැකකරුවන් සියලු දෙනා වහා අත්අඩංගුවට ගෙන නීතිය අකුරට ක්‍රියාත්මක කරන්නැයි බල කරමින් දෙණියාය මූලික රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු සියලු කාර්ය මණ්ඩලය අද (3) වැඩ වර්ජනයක නිරතවුහ.

මෙහිදී විරෝධතාකරුවන් රෝහල ඉදිරිපිට සහ රෝහල් පිවිසුම් මාර්ගය ආසන්නයේ  කළු කොඩි ඔසවා ටයර් පුළුස්සා පෝස්ටර් බැනර් අතැතිව විරෝධතාවක නියැලුණි.

විරෝධතාකරුවන් මුලින්ම දෙනියාය රෝහල් පරිශ්‍රය ඉදිරිපිට විරෝධතාවයේ නියැලීමෙන් පසුව පාගමනින්  මූලික රෝහලේ පිවිසුම් මාර්ගය ඉදිරිපිට ගොස්  නැවත විරෝධතාවයේ නියලී  පසුව නැවත පාගමනින් පැමිණ රෝහල ඉදිරිපිට විරෝධතාවයෙහි නියැලුණහ.

මේ හේතුවෙන් අද (3) දෙණියාය මූලික රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන් දැඩි අපහසුතාවයකට පත් වූ අතර  මේ සම්බන්ධයෙන් දෙණියාය මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි සෝමරත්න කෝණාර මහතා පැවසූයේ මෙම වැඩවර්ජනය අද පෙ.ව.8.00 දක්වා සිදු කරන බවත් අත්‍යවශ්‍ය ප්‍රතිකාර පමණක්  සිදු කරන බවයි.

රඹුටන් ඇටයක් උගුරේ සිර වී මිය ගිය මාස 11 ක කුඩා දරුවෙකු  ප්‍රතිකාර ලබා ගැනීම  සඳහා රෝහලට පැමිණි පිරිසක්  දරුවා මියගොස් ඇති බව පැවසීමෙන් අනතුරුව ඊයේ  (02) රාත්‍රි  මෙම පහරදීම සිදුකර රෝහලේ  වෛද්‍ය උපකරණ වලට අලාභ හානි සිදු කිරීම මුල් කරගෙන මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණි .

 



අදහස් (0)

දෙණියාය රෝහලේ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලය වැඩ වරති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 243 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site