
(ටී එල් ජ්ව්ෆර්කාන්)
මඩකලපුව සිට කොළඹ කොටුව බලා ධාවනය වූ ඉන්ධන ප්‍රවාහනය කරන දුම්රියේ කුඩා ලොරි රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරෙන් පුද්ගලයකු මිය ගිය බව කල්කුඩා පොලිසිය පවසයි.
මඩකලපුව සිට පාසිකුඩා බලා ධාවනය කළ මෙම කුඩා ලොරි රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව පාසිකුඩා දුම්රිය ස්ථානය අසළ ආරක්ෂක ගේට්ටුව කඩාගෙන දුම්රියේ ගැටීමෙන් අනතුර සිදුව තිබේ.
අනතුරෙන් මිය ගොස් ඇත්තේ සෙබස්තියන් අරුල්නාදන් නැමැති 48 හැවිරිදි පුද්ගලයෙකි. අනතුරෙන් බරපතල තුවාල ලැබූ ලොරි රථයේ රියදුරු වාලච්චේන මුලික රෝහලට ඇතුළත් කිරිමෙන් පසුව මිය ගිය බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd