(ඩි.ජී.සුගතපාල)

වැලිගම කුෂ්ඨරාජගල ප්‍රදේශයේදි අද (09) අලුයම  බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වන නගරාන්තර දුම්රියේ ගැටී භික්ෂූන් වහන්සේ නමක් අපවත් වී තිබේ.

අපවත් වූ භික්ෂුන්වහන්සේ කනංකේ නාරද (34) නම් හිමිනමක බවට හැඳුනුම්පත අනුව හඳුනාගෙන ඇති අතර උන්වහන්සේ ස්ථිර විහාරස්ථානයක වැඩ වාසය කර නැති බවද අනාවරණය වී තිබේ.

උන්වහන්සේගේ දේහය අහංගම දුම්රිය පොළට ගෙනැවිත් බාරදී ඇති අතර කරාපිටිය රෝහලට ගෙනගොස් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.